බෙල්ජිය‍මේ පොලිස් ප්‍රහාරයකින් ඉස්ලාමීය සටන්කාමීන් ‍දෙදෙනෙකු මරුට

බෙල්ජිය‍මේ පොලිස් ප්‍රහාරයකින් ඉස්ලාමීය සටන්කාමීන් ‍දෙදෙනෙකු මරුට

ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව බෙල්ජියම් පොලිසිය පසුගිය බ්‍රහස්පතින්දා සිදු කළ වැටලීම් මාලාවකදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කළ ඉස්ලාමීය සටන්කාමීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විය. ඉස්ලාමීය තුවක්කුකරුවන් අතින් පැරිසීයේ දී 17 දෙනෙකු මියගොස් සතියක් ගෙවී යද්දී, සිරියාවෙන් පැමිණි තරුණ මුස්ලිම් විප්ලවකාරීන් පිළිබඳ බිය යුරෝපය වෙලා ගැනීමට සමත් ව තිබේ.

එහෙත් බෙල්ජියම් බලධාරීන් පවසන්නේ ජනවාරි 7 වැනිදා ප්‍රශංයේ පුවත්පත් ආයතනයක‍ට එල්ල වූ ප්‍රහාරයත්,මේ සිදුවීමත් අතර සම්බන්ධය නොමැති බවයි. වර්වියර්ස්හි නගරයේ නැගෙනහිර නගරයේ දී මෙම ප්‍රහාරය සිදු වී ඇති අතර තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රහාරය සඳහා සම්බන්ධ වී ඇත.

නගර මාධ්‍යයේ තිබූ බේකරියකට ඉහළින් පිහිටි ගොඩනැගිල්ලකට ඇතුළු වීමට පොලිස් කොමාන්ඩෝ භටයින් උත්සාහ කරද්දී ඔවුන්ට දැඩි වෙඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවිය. මොවුන් තිදෙනාම බෙල්ජියමේ පුරවැසියන්ය. සිරියාවේ සිටින යුරෝපීය ඉස්ලාමීය සටන්කරුවන් ඒකරාශී වන ප්‍රධාන රටවල් අතුරින් එකක් ලෙසද බෙල්ජියම සැලකෙයි.

එරට පොලිස් ස්ථානවලටද පහරදීමට ත්‍රස්තවාදීන්ගේ සැලසුමක් ඇතැයි සැකකෙරෙන අතර මේ වන විට එවැනි ස්ථානවල ආරක්ෂාව දැඩි කිරීමටද පියවර ගෙන තිබේ. බෙල්ජි‍යමේ වෙසෙන මුස්ලිම් ජනගහණය මිලියන භාගයක් වන අතර ඒ අතුරින් වැඩි පිරිසක් ප්‍රංශ බස කතා කරන උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත පිරිසකි.

ප්‍රශංයේ මෙන්ම බෙල්ජියමේ ද මිලියන 11ක් පමණ වූ රැකියා විරහිත සංක්‍රමණික තරුණ මුස්ලිම් කොටස් අතර ඇත්තේ අතෘප්තිකර හැඟීමකි. ලෝම රෙදි සහ වෙනත් රෙදිපිළිවල ප්‍රධාන මධ්‍යස්ථානයක් ව තිබූ වර්වියර්ස් නගරය මේ වන විට පිරිහීමට ලක් වී ඇත. ඇල්ජීරියානු සම්භවයක් සහිත ප්‍රංශ තරුණයකු මෙවැනි අත්හදා බැලීමක් කළේ පසුගිය ‍මැයි මාසයේදීය. බ්‍රසල්ස්හි යුදෙව් කෞතුකාගාරයේ දී ඔහු කළ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරණයට පත් විය.

බෙල්ජියමෙන් ලැබෙන තොරතුරුවලට අනුව වෙනත් කිසිදු යුරෝපීය රාජ්‍යයකට වඩා පිරිසක් බෙල්ජියමෙන් සිරියාවේ සටන්වලට සහභාගි වී සිටී. මේ අත්දැකීම් සහිත සටන්කාමීන් 100ක් පමණ ආපසු පැමිණ ඇතැයි බෙල්ජියම් රජය විශ්වාස කරයි. 40ක් පමණ මියගොස් ඇතැයිද තවත් සටන්කාමීන් 170ක් පමණ තවමත් ඉරාකයේ සහ සිරියාවේ සටන්වල නියැලී සිටින බවටද විශ්වාස කෙරේ.

RTBF රූපවාහිනිය මගින් මේ ප්‍රහාරය පිළිබඳ වීඩියෝ දර්ශන විකාශය කළ අතර රාත්‍රීයේ එල්ල වන වෙඩි ප්‍රහාර එහිදී පැහැදිළිව දැක ගැනීමට හැකි විය. පැය කීපයකට පසුවන පොලිස් කමාන්ඩෝ භටයින්ට මාර්ග කීපයක පාලනය අත්කර ගැනීමට හැකි වූ අතර සමහර සැක කටයුතු ස්ථාන ඔවුන්ගේ පරීක්ෂාවට ලක්විය. ත්‍රස්තවාදයට ‍එරෙහිව යුරෝපීය රටවල් සහ ඇමෙරිකාව ගෙන යන සටනට සහය දෙන රටවල් අතර බෙල්ජියමද ප්‍රධාන ස්ථානයක සිටී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා