අල්ජසීරා මාධ්‍යවේදියාගේ නිදහස ගැන කැනඩා විදේශ ඇමැති බලාපොරොත්තුවෙන්

අල්ජසීරා මාධ්‍යවේදියාගේ නිදහස ගැන කැනඩා විදේශ ඇමැති බලාපොරොත්තුවෙන්

බ්‍රහස්පතින්දා කයිරෝවලදී පැවති සාධනීය සාකච්ඡාවලින් පසු දීර්ඝ කාලයක සිට ඊජිප්තු අත්අඩංගුවේ පසුවන අල්ජසීරා රූපවාහිනියේ සේවය කළ කැනේඩියානු මාධ්‍යවේදියා නිදහස් කර ගැනීමට හැකි වෙතැයි කැනඩා විදේශ ඇමැති ජෝන් බියර්ඩ් විශ්වාසය පළකළේය.

ඊජිප්තුවේ පිටුවහල් මුස්ලිම් සහෝදරත්වයේ ඇසුර ලබන ත්‍රස්තවාදී සංවිධානයක උදව් දෙන අසත්‍ය ප්‍රචාර පැතිර වූයේ යැයි චෝදනා මත කැනේඩියානු - ඊජිප්තු ජාතික මොහොමඩ් ෆාහාමි, ඊජිප්තු ජාතික බාහිර් මොහොමඩ් සහ ඕස්ට්‍රේලියානු ජාතික පීටර් ග්‍රෙස්ට් යන තිදෙනාට පසුගිය ජූනි මාසයේදී වසර 7 – 10 අතර සිර දඬුවම් නියම විය.

නොවැම්බර් මාසයේදී ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් - සිසි ඔහුට ජනාධිපති ක්ෂමාව ලබාදීම පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතින බව ප්‍රකාශ කළේය. ජනවාරි පළමුවෙනිදා එම නඩුව නැවත විභාග කරන ලෙස ඊජිප්තු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මානව හිමිකම් ආයතනවලින් සහ බටහිර රටවලින් මේ රඳවා ගැනීම පිළිබඳ විවේචන එල්ල කර ඇත. අල් ජසීරා රූපවාහිනිය පවසන්නේ නඩු විභාගයක් පැවැත්වීම වැරදි බවත්, ඔහුව නිදහස් කිරීමට බලකරන බවත් ය. ෆහාමි ඉක්මනින් නිදහස් වනු ඇතැයි බියර්ඩ් බලාපොරොත්තු පළකරයි.

“පසුවට වඩා, ඉක්මනින් ඇතිකර ගත හැකි සාධනීය තීරණයකට එළැඹීමට අප කටයුතු කරමින් සිටිනවා” ඔහු පැවසීය. තම නීතිඥයින් මාර්ගයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති ෆාහාමි කැනේඩියානු අගමැති ස්ටීවන් හාපර්ට මේ සම්බන්ධව සෘජු මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. රටින් පිටවීමට අවශ්‍ය ලිපි ලේඛනවලට ෆාහාමි දැනටමත් අත්සන් තබා ඇති බව පවසන ඔහුගේ පෙම්වතිය මාර්වා ඔමාරා දැන් එම ක්‍රියාවලිය අවසන් අදියරට ළඟා වී තිබෙන බව පවසයි.

බියර්ඩ් මහතාගේ සංචාරය අතරතුරදී මොහොමඩ් නිදහස් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒත් මට තේරෙනවා... ඒකට ටික කාලයක් යනවා” බියර්ඩ් සමඟ පැවති මිනිත්තු 15 ක හමුවෙන් පසු ඇය පැවසුවාය.කටාර් රාජ්‍යය ඉස්ලාමීය ජනාධිපති මොහොමඩ් මුර්සි සහ ඔහුගේ මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රධානතම ආධාරකරුවන්ගෙන්‍ කෙනෙකු විය. 2013 ජූලි මස ඔහුගේ රජය නෙරපා හැරි සිසි ඉන්පසු එහි හමුදා ප්‍රධානියා බවට පත් විය.ඊජිප්තුව චෝදනා කරන්නේ අල් ජසීරාව දැන් තහනමට ලක්ව ඇති මුස්ලිම් සහෝදරත්වයේ සහ එහි නාලිකාවල හඬ බවට පත්ව ඇති බවයි.

සිසි පසුගිය මාසයේදී කටාර් නියෝජිතයින් මුණගැසුණු අතර සවුදි අරාබිය සමඟ ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල අලුත්ම පියවර ගැන ද දැනුවත් කළේය. ඒ අනුව දෝහාවල සිට විකාශය වූ නාලිකාවක පසුගිය මාසයේ සිට ඊජිප්තුව එල්ල කර ගනිමින් කළ මෙහෙයුම් නවතා දැමීමට තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා