මුද්‍රණය සඳහා

 
ගුණරත්නම්ට යන්න කියන්නේ වීසා අවසන් නිසයි

ගුණරත්නම්ට යන්න කියන්නේ වීසා අවසන් නිසයි

- ආගමන විගමන දෙපාර්තමේන්තුව

ශ්‍රි ලංකාවට පැමිණ රැඳී සිටීම සඳහා ඉල්ලුම් කළ වීසා කාල සීමාව ජනවාරි 30 වෙනිදා ඉක්ම යන බැවින් පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාට වහාම රටින් පිටවන ලෙස දැනුම් දුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධක්ෂ ජෙනරාල් නිහාල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

කුමාර් ගුණරත්න මහතා ඕස්ට්‍රේලියනු රජයේ පුරවැසිභාවය හිමි අයෙකු බව කී රණසිංහ මහතා එහෙයින් වීසා කාලසීමාව ඉක්ම යෑමත් සමඟ ආගමන විගමන නීති යටතේ ගුණරත්න මහතා ස්ථිරවම රටින් පිට විය යුතු බව අවධාරණය කළේය.

ඒ මහතා ලංකාවේ ඉපදී ඇතත් වීසා කාලසීමාව ඉක්ම යෑමෙන් මෙරට රැඳී සිටීම නීනියානු කූල නැතැයිද අධක්ෂ ජෙනරාල්වරයා අනාවරණය කළේය.

වීසා කාලසීමාව ජනවාරි 30 වෙනිදා නිමා වීමත් සමඟ රටින් පිට වීමට අදාළ ගුවන් ටිකට්පත ගුණරත්න මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීය.

එසේම පෙරටුගාමී පක්ෂයේ නායකයා නම කුමාර් ගුණරත්න ලෙස සඳහන් වුවද ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බල පත්‍රයේ නොයෙල් ගුණරත්න ලෙස සඳහන් බව දැනගැනීමට තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]