මුද්‍රණය සඳහා

 
සිරකරුවන් 1000කට ජනපති සමාව

සිරකරුවන් 1000කට ජනපති සමාව

හැට හත්වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් දහසකට ආසන්න පිරිසක් අද (4) නිදහස ලැබීමට නියමිතය. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මං කොල්ල කෑම් ඇතුළු බරපතළ වැරැදි තිහක් හැර සෙසු වැරදිවලට දඬුවම් නියම වී සිටි රැඳවියන්ට පමණක් මෙසේ නිදහස හිමි වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව ජනාධිපති පොදු සමාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දෙනු ලැබූ පොදු සමා නියෝගය අනුව එම සිරකරුවන් මෙසේ නිදහස ලබයි.

ඒ අනුව වයස අවුරුදු 75ට වැඩි, දඩමුදල් ගෙවා ගත නොහැකිව සුළු වැරැදි සම්බන්ධයෙන් සිරගතවූවන්ට මේ සමාව හිමි වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කියයි. මෙයට අමතරව දීර්ඝකාලීන සිරදඬුවම් හිමි වී ඇති වසර ගණනින් රැඳවියකු ගෙවා දමන ලද වසර ගණනට සතිය බැගින් වූ පොදු සමා කාලයක් ද රැඳවියන්ට නිදහස් දිනය වෙනුවෙන් පිරි නැමීමට ද පොදු සමා නියෝගය අනුව සිදුවන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

අද දින (04) සියලුම සිරකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට එම රැඳවියන් හමුවීමට දිනය පුරාම අවස්ථාව සලසා ඇති බව ද හෙතෙම පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]