මුද්‍රණය සඳහා

 
මුහුණු පොත ස්වාධීන රූපවාහිනියේ

මුහුණු පොත ස්වාධීන රූපවාහිනියේ

නාලන් මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන නවතම ටෙලි නාට්‍යය ‘මුහුණු පොත’ මේ දිනවල සතියේ දින පහේ ම රාත්‍රී 8.00ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වෙයි. එක් අනපේක්ෂිත සිදුවීමක් ඊට සම්බන්ධ චරිත ගණනාවකට ම කරන බලපෑම හා ෆේස්බුක් නිසා සමාජයේ ජීවත්වන අපට කරන බලපෑම පිළිබඳ කතා කරන ‘මුහුණු පොත’ වික්‍රමසිංහ නම් ව්‍යාපාරිකයෙක් තම දියණිය ටානියාට දෙන උපන්දින තෑග්ග වූ මෝටර් රථයක් පදනම් කර ගනිමින් ඇති කරන සිදුවීමක් ඔස්සේ ගලායන්නකි.

ඩිනක්ෂි ප්‍රියසාද්, මාධව විජේසිංහ, ටිරාන් වික්‍රමසූරිය, දසුන් නිශාන්, යශෝධා විමලධර්ම, කමල් දේශප්‍රිය, මොරින් චාරුනී, නෙතු ප්‍රියංගිකා, ලියෝනි කොතලාවල තිස්ස උඩංගමුව, නිම්මි ප්‍රියදර්ශනී, චිරන්තන හෙට්ටිආරච්චි, සුධාරා රන්දනී, නදීෂානි නිලුක්ෂි, දිලීප සමරසේකර යන නළු නිළියෝ රැසකගේ රංගන දායකත්වයෙන් ‘මුහුණු පොත’ හැඩ වැඩ වෙයි.

සහය අධ්‍යක්ෂණයෙන් උදය ප්‍රසන්නත්, කලා අධ්‍යක්ෂණයෙන් ජානක අකුරම්බොඩත්, කැමරා අධ්‍යක්ෂණයෙන් පැතුම් ධනංජයත්, අංග රචනයෙන් සංජීව රත්නායකත්, නිෂ්පාදන කළමනාකරණයෙන් නිශාන්ත පල්ලේවත්තත්, සංවිධ‍ානයෙන් දුමින්ද රාමතිලකත්, සංගීතයෙන් ආචාර්ය රෝහණ වීරසිංහත් මේ ටෙලි නාට්‍යයට සහය වෙති. පිටපත වජිර කස්තුරිගෙනි. නිෂ්පාදනය විනිල් මැණික් වන අතර අධ්‍යක්ෂණය නාලන් මෙන්ඩිස් ගෙනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]