මුද්‍රණය සඳහා

 
එන්.සී. මත්කුඩු ටින් 7773ක් නල්ලතන්නියේ දී අත්අඩංගුවට

එන්.සී. මත්කුඩු ටින් 7773ක් නල්ලතන්නියේ දී අත්අඩංගුවට

වතුකරයේ බෙදාහැරීම සඳහා රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 10ක පමණ වටිනාකමින් යුත් එන්.සී. නැමැති තහනම් මත්ද්‍රව්‍ය කුඩු අඩංගු ටින් 7773ක් සමඟ පුද්ගලයකු නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

වෑන් රථයක ඉතා සූක්ෂම ලෙස අසුරා කොළඹ සිට මත්ද්‍රව්‍ය ටින් තොගය බගවන්තලාව දක්වා ප්‍රවාහනය කැරමින් තිබියදී දියගල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සී.එන්. නැමැති මත්ද්‍රව්‍ය වතුකරයේ පාසැල් ළමයින් අතර ප්‍රචලිතව තිබෙන බව පොලිසිය පවසයි.

විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා ගිනිගත්හේන පොලිසියට භාර දී ඇත.

පකිස්ථානයෙන් ආනයනය කැර තිබෙන මෙම මත්කුඩු ටින් එකක ග්‍රෑම් 10ක ප්‍රමාණයක් මත්කුඩු තිබෙන බවත් රුපියල් 120/=ක මුදලකට මිලදීගත් මෙම ටින් එකක් සැකකරු රුපියල් 300/=ක මුදලකට අලෙවි කරන බවත් පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

සැකකරු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.කේ. එන්. කුලතුංග මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකැර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]