මුද්‍රණය සඳහා

 
ආරක්ෂක ලේකම් ඉවත් කරන්න

ආරක්ෂක ලේකම් ඉවත් කරන්න

විධායක සභාවේ සාකච්ඡා

ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතා ඇවන්ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගම පිළිබඳ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත මත ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම ගැන ජාතික විධායක සභාවේ දී සාකච්ඡා කළ බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (15දා) තහවුරු කළේය.

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ප්‍රමුඛ විධායක සභාවේ නියෝජිතයන් කිහිප දෙනෙකුගේම අදහස වූයේ ආරක්ෂක ලේකම්වරයාගේ ක්‍රියාකාරීත්වයත් එම ධුරයට උචිත නොවන නිසා ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම බව සේනාරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ආරක්ෂක ලේකම්වරයා විසින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතාට විදේශගත වීම සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසට නීතිපතිවරයා වෙත ලිපියක් යවා තිබීම ගැටලුකාරී ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සේනාධිපති මහතාගේ ගමන් බලපත්‍රය මුදා හැරීම එම සමාගම සම්බන්ධව පැවත්වෙන පරීක්ෂණයන්ට වෙනත් ලෙසකින් බලපානු ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]