මුද්‍රණය සඳහා

 
කෝටි 1 1/2 ක රන් බිස්කට් කටුනායක ගු වන් තොටේ දී දැලේ

කෝටි 1 1/2 ක රන් බිස්කට් කටුනායක ගු වන් තොටේ දී දැලේ

කටුනායක අපරාධ පරීක්ෂණ නිළධාරීන්ට ලද තොරතුරක් මත රුපියල් කෝටි එකහාමාරක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් ඊයේ දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයේ හා අපරාධ පරීක්ෂණ නිළධාරීහු ගුවන් තොටුපොළේ දී අත්අඩන්ගුවට ගත්හ. රන් බිස්කට් තොගයේ බර කිලෝ දෙකහාමාරක් පමණවේ.

රන් බිස්කට් කාබන් කොලවල ඔතා රට ඉඳි හා චොකලට් ඇසිරූ ගමන් මලුවල සඟවා තිබූ බව පොලීසිය කියයි. කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික ව්‍යාපාරික ගුවන් මගීන් දෙදෙනකු ජෙඩා සිට මෙම රන් තොගය මෙරටට රැගෙන විත් ඇත.

සෞදි ගුවන් සේවයට අයත් SV 782 දරන ගුවන් යානයෙන් ඊයේ පස්වරු දෙකට පමණ පැමිණ ඇති සැකකරුවන් ආගමන හා රේගු කටයුතු නිමවා පැමිණීමේ පර්යන්තයේ ආලින්දයට පැමිණි පසු රැකසිටි පොලිස් නිළධාරීන් සැකපිට පරීක්ෂා කිරීමේ දී මෙම රන් තොගය සොයාගෙන ඇත. සැකකරුවන් හා රන් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් තොටුපොළ රේගුවට බාරදුන් බව පොලීසිය කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]