අගමැතිගෙන් හෙට පිළිතුරු
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ උද්ගත වී ඇති ආන්දෝලනය
සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු
කථාවක් කිරීමට නියමිතය.
2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේ දී රුපියල් බිලියන 10 ක් වටිනා
භාණ්ඩාගාර බැඳුම්කර ආන්දෝලනාත්මක ලෙස විකිණීම සම්බන්ධයෙන් මෑත දී පැන නැඟි
ඇති චෝදනා සම්බන්ධයෙන් ජාතික විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා
විසින් නිත්‍ය නියෝග 23 (2)යටතේ පාර්ලිමේනතුවේ දී ප්‍රශ්නයක් නඟනු ඇත.
ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශනයට පිළිතුරු
දෙනු ඇත.
මෙම සිද්ධිය සමබන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන හෙයින් මහ බැංකු අධිපති
අර්ජුන මහේන්ද්‍රන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ජාතික විමුක්ති
පෙරමුණ විසින් බලකර තිබේ. පර්පචුවෙල් ට්‍රෙෂරීස් (පෞද්ගලික ) ආයතනයට
රුපියල් බිලියන 5 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර 12.5 %ක වැඩි පොලියකට විකුණා
ඇතැයි ජාතික විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා
මෑතදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී චෝදනා කළේය. කලින් අවසන් තීරණයක් ගෙන තිබුණේ
බිලියන් එකක් වටිනා බැඳුම්කර 9.5% පොලියක් මත විකිණීමට බව ඔහු පවසා තිබේ.
30 වසරක් සඳහා වූ මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සමබන්ධයෙන් ඉදිරිපත්වී
ඇති චෝදනා සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ
මහතා විසින් ගාමිණී පිටිපන (සභාපති), මහේෂ් කලුගම්පිටිය සහ චන්දිමාල්
මෙන්ඩිස් යන අයගෙන් සමන්විත ත්‍රි පුද්ගල විර්ශන කම්ටුවක් පත් කරන ලදී. |