මුද්‍රණය සඳහා

 
යුරෝපා සංගමය එල්ටීටීඊය යළි තහනම් කරයි

අගමැති මැදිහත්වීමෙන්

යුරෝපා සංගමය එල්ටීටීඊය යළි තහනම් කරයි

පසුගිය රජය සමයේ යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කිරීමත් සමඟ ඊට එරෙහිව එවකට විපක්ෂ නායකව සිටි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ලිපිය සැලකිල්ලට ගෙන යුරෝපා සංගමය යළිත් කොටි සංවිධානය තහනම් කර තිබේ.

මේ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 27ක කොටි සංවිධානය යළිත් තහනම් කෙරෙන අතර එම තීරණය ශ්‍රී ලංකාවේ නව රජය ලද විශිෂ්ට ජයක් බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

කොටි සංවිධානය යළිත් තහනම් කිරීම ශ්‍රී ලංකාවට පමණක් නොව ජාත්‍යන්තරයට ද වැදගත් වන බව ද හෙතෙම සඳහන් කළේය. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී යුරෝපා සංගමය එල්ටීටීඊ තහනම ඉවත් කළ අතර එකල විපක්ෂය රජයට චෝදනා කළේ රජය උදාසීන ලෙස කටයුතු කිරීම හේතුකොටගෙන එම තත්ත්වය උදාවූ බවය.

මෙම තත්ත්වය තුළ යු‍රෝපා සංගමයට අයත් රටවල එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් අධිකරණ ක්‍රියාමාර්ග පොලිස් පරීක්ෂණ නැවතත් ආරම්භ වන බව පෙන්වා දුන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ එම රටවල කොටින්ගේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට නොහැකි වන බවය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]