ජල සම්පාදනයේ සියලු සේවක වැටුප් 30%කින් ඉහළට

ජල සම්පාදනයේ සියලු සේවක වැටුප් 30%කින් ඉහළට

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ වැටුප සියයට තිහකින් වැඩිකිරීමට නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලාපවාහන වැඩ බලන ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා තීරණය කර ඇත.

ඒ අණුව පහළම මට්ටමේ සේවකයෙකුගේ වැටුපද රුපියල් දසදහසකින් ඉහළ යන බව ඇමැතිවරයා පවසයි. මීට අමතරව සියලුම අතිකාල සීමාවන් ඉවත් කර ඇත. රුපියල් පන්දහසක්ව පැවැති උත්සව අත්තිකාරම රුපියල් දසදහසක් දක්වා වැඩි කර එය මේ සිංහල අලුත් අවුරුද්දටම ලබා දීමට තීරණය කර ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා