ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස වන චිත්‍රපටයක් හඬ කවමින් සිටි නවයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස වන චිත්‍රපටයක් හඬ කවමින් සිටි නවයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස වන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කර හඬ කැවීමට ශ්‍රී ලංකාවට ගෙන එන ලද බවට සැකකකරන චිත්‍රපටයක් නාරාහේන්පිට නිවසක දී හඬ කවමින් සිටි යදී පෙරේදා(28) සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙමළ ජාතිකයන් පස් දෙනකු හා සිංහල ජාතිකයන් හතරදෙනකු සිටින අතර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු සැකකරුවන් මුදා හැර ඇත.මෙම චිත්‍රපටයට සිංහලෙන් හඬ කවන්නට සිංහලයන් යෙදා ගෙන ඇති බවට සැකකරයි.

උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම සිදු විය. ‘චිත්‍රපට නිෂ්පාදනාගාරයේ‘ උපකරණ වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත යවා තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා