ෆුල් ෆේස් හෙල්මට් තහනමට ගාලුමුවදොර විරෝධතාවක්

ෆුල් ෆේස් හෙල්මට් තහනමට ගාලුමුවදොර විරෝධතාවක්

ලබන (02දා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ෆුල්ෆේස් හෙල්මට් තහනමට විරෝධය දක්වා යතුරුපැදි කරුවෝ විශාල පිරිසක් කොළඹ ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණය කර අගමැති කාර්යාලයට සංදේශයක් භාරදීමෙන් පසු එහි පිටපතක් නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට භාරදීමට අමාත්‍යවරයාගේ කඳාන පිහිටි නිවසට පැමිණියහ.

එහිදී අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට සංදේශය භාරදී තමන්ගේ ආරක්ෂාව සඳහා ඇති ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටියහ. එහිදී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසා සිටියේ එම තීරණය ආරක්ෂක මණ්ඩලය ගත් තීරණයක් බවත් තමන් එය ඉවත් කිරීමට සාකච්ඡා කර උත්සහ කරන බවය.

ඒ අවස්ථාවේ විරෝධතාකරුවෝ බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් තමන්ගේ ඔළුව, මුහුණ හා දත් සඳහා ආරක්ෂාවට ඇති ෆුල්ෆේස් හෙල්මට් තහනමට විරුද්ධව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සමඟ සාකච්ඡා කරමින් විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ හොරු, මංකොල්ලකරුවෝ අල්ලන්න නවීන ක්‍රම ඇති නිසා එම තීරණ නොගෙන තමන්ගේ ජීවිතවලට ආරක්ෂාව ලබාදෙන ෆුල්ෆේස් හිස්වැසුම් ඉවත් කිරීමට තමන් විරුද්ධ බවයි. ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට කටයුතු කරන්න තමා ක්‍රියාත්මක වන බව පවසමින් අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත්වී ගියේය. මේ සම්බන්ධව විරෝධතාකරුවෝ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ සම්බන්ධව රජය තීරණයක් නොගතහොත් ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කරන බවයි.

මෙලෙස ෆුල්ෆේස් හෙල්මට් විරෝධතාකරුවෝ යතුරුපැදිවලින් පැමිණීම හේතුවෙනක් කඳාන, කොළඹ, මීගමු පාර තරමක වාහන තදබදයක් ඇතිවූ අතර කැලණිය 2 සහකාර පොලිස් අධිකාරි උදය හේමන්ත මහතා, කඳාන පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක කහඳවල මහතා ඇතුළු පොලිස් නිලධාරීහු රැසක් ආරක්ෂාවට එම ස්ථානයේ සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා