මුද්‍රණය සඳහා

 
ඉන්දියානු නෞකා 4ක් ත්‍රිකුණාමල වරායට

ඉන්දියානු නෞකා 4ක් ත්‍රිකුණාමල වරායට

ඒකාබද්ධ යුද අභ්‍යාසයකට හා අත්දැකීම් හුවමාර කරගැනීමේ අරමුණෙන් ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා තුනක් හා ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක් ත්‍රිකුණාමල වරායට සේන්දු වූ බව නාවික හමුදාව කියයි.

ඉන්දීය නාවික හමුදාවට අයත් අයි.එන්.එස්.ටීර් (I.N.S.Tir) අයි.එන්.එස්.කේසාරි (T.N.S.Kesari) අයි.එන්.එස්.සුදර්ශණි (I.N.S.Sudarsani) හා වෙරළාරක්ෂක බලකායට අයත් “ වරුණ “ නම් නැව් මෙසේ වරයාට සේන්දු වී තිබේ.

අද (30) දක්වා ලංකවේ රැඳීසිටින සිව් දින තුළ දෙරටේ නාවික හමුදාවේ අත්දැකීම් හුවමාරුකර ගැනීමටත් පුහුණුවීම්වලට සහභාගීවීමටත් නියමිත බැව් නාවික හමුදාව කියයි. මෙරටින් නික්ම යන අවස්ථාවේ මුහුදේදී දෙරටේ නාවික හමුදා මගින් ඒකාබද්ධ යුද අභ්‍යාසයක නියැලීමට නියමිතයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]