ඉල්ලූ අයවත් ලබාගත් අයවත් මම දන්නේ නැහැ

ජනාධිපතිවරණයට ලංගම බස්

ඉල්ලූ අයවත් ලබාගත් අයවත් මම දන්නේ නැහැ

ජනාධිපතිවරණ සමයේ ලංගම බස් රථ යොදා ගැනීම වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ලෙස තමන්ට රුපියල් මිලියන 142ක මුදලක් ගෙවන ලෙස දන්වා ලංගමය ලිඛිතව දැනුම් දී ඇතත් එම බස් රථ ඉල්ලූ අයවත් එම බස් රථ ලබා ගත් අයවත් අද නැතැයි හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

මෙම මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 50ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇතැයි පවසන හිටපු අමාත්‍යවරයා එම මුදල් ගෙවා ඇත්තේ ශ්‍රීලනිප මූලස්ථානය මඟින් යැයි ද පවසයි.

මෙම බස් රථ ලබා ගෙන ඇත්තේ කවුද කියලාවත් මම දන්නේ නැහැ. ඒ වගේම ලිඛිතව දක්වා ඇති මුදල නිවැරැදි මුදල ද කියලාවත් මම දන්නේ නැහැ. නමුත් සන්ධානයේ ප්‍රධාන ලේකම් ලෙස මට මේ ලිඛිත දැනුම්දීම කර ඇතැයි යනුවෙන් ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සමස්ත ලංකා ප්‍රවාහන සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පැවසුවේ මෙම තත්ත්වය 77 සිටම සිදුවන්නක් බවත් දේශපාලන අවශ්‍යතා සඳහා ලංගම බස් රථ යොදා ගැනීම නිසා ලංගමට ආදායම් වැඩි කර ගැනීමට තිබූ අවස්ථාවන් අහිමිව යන බව ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා