රුපියල් පනස් දහසකට හත් හැවිරිදි පිරිමි දරුවකු විකිණීමට ගිය 3ක් දැලේ

රුපියල් පනස් දහසකට හත් හැවිරිදි පිරිමි දරුවකු විකිණීමට ගිය 3ක් දැලේ

හත් හැවිරිදි පිරිමි ළමයකු රුපියල් පනස් දහසක මුදලකට අළෙවි කිරීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ළමයාගේ මවගේ අනියම් සැමියා හා තවත් කාන්තාවන් දෙදෙනකු කටුගස්තොට පොලීසිය විසින් පෙරේදා(28) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

කටුගස්තොට අඹතැන්න කසාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම දරුවාගේ මවු පියන් අන්ත දුගී අය බවත් දරුවාගේ මවගේ අනියම් සැමියා අසල්වැසි කාන්තාවකගේද සහය ඇතිව දරුවා රුපියල් 50000ක මුදලකට අළෙවි කිරීම සඳහා මාතලේ වරකාමුර ප්‍රදේශයේ කාන්තාවකට ලබාදී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

අඹතැන්න ප්‍රදේශයේ දරුවාගේ නිවස අසල පදිංචි කාන්තාවක් ලබාදුන් තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ සැකකරුවන් දරුවාව යළි නිවස වෙත රැගෙන විත් තිබේ. දරුවාගෙන් ලබා ගත් තොරතුරු මත පොලීසිය දරුවාගේ මවගේ අනියම් සැමියා හා අදාළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් ඊයේ(29) මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරි මහේස්ත්‍රාත්වරයා සැකකරු මෙම මස 31 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. තුවාල ලැබ සිටින දරුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කැර ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා