මුද්‍රණය සඳහා

 
මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ සැකකරුවෙක් බාර‍ වෙයි

මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ සැකකරුවෙක් බාර‍ වෙයි

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු පෙරේදා (22) පස්වරුවේ පොලිසියට භාර වී ඇත. අදාළ සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වී ඇති අතර ඉන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හික්කඩුව දළුවාමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සුරාජ් පසිඳු නමැති තරුණයෙකි. ඔහු ඊයේ (23) ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]