මුද්‍රණය සඳහා

 
පේරාදෙණි බලධාරීන්ගේ තීරණවලට සරසවි සිසුන්ගෙන් විරෝධය

පේරාදෙණි බලධාරීන්ගේ තීරණවලට සරසවි සිසුන්ගෙන් විරෝධය

මහපොළ වාරික මුදල් කප්පාදු කිරීම සහ වාර්ෂික උපාධි ප්‍රධානොත්සවය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් මුදල් අය කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක සිසුන් ඊයේ (23) දහවල් සනාතන මන්දිරය ඉදිරිපිට සිට විරෝධතාවයෙහි නිරත විය.

රුපියල් හාරදහසක් දක්වා ඉහළ නංවන ලද මහපොළ වාරිකය මේ වන විට රුපියල් දෙදහස් පන්සියය දක්වා කප්පාදු කර ඇති බවත් ඇතැම් සිසුන්ට මේ වන විට කිසිදු වාරිකයක් ලැබී නොමැති බවත් විරෝධතාවයෙහි නිරත වූ සිසූහු පැවසූහ. පසුගිය රජයේ දේශපාලන රැස්වීම් සඳහා සහභාගී නොවූ සිසුන් රැසකගේ මහපොළ වාරික ලබා දී නොමැති බවත් සිසුන්ට ලබාදිය යුතු අයිතිවාසිකම් දේශපාලන කරුණු හේතුවෙන් කප්පාදු කර දමා ඇතැයි විරෝධතාවට එක්වෙමින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත අරුණ සිසුවා පැවසීය.

එමෙන්ම ඉදිරි මස දී පැවැත්වීමට නියමිත උපාධි ප්‍රධානෝත්සවය සඳහා සිසුවෙකුගෙන් රුපියල් දහස බැගින් මුදල් අය කිරීමට බලධාරීන් තීරණය කර ඇති බව කී මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා එමගින් විශ්වවිද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් හිමිවන බවද කීවේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]