බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට

බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීම ඊයේ (23) සවස 4.30 ට පමණ සිදු කෙරිණ.

ජාතික රෝහලේ 15 වාට්ටුවට වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා ඇතුළත් කර ඇති අතර බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ ඒ මහතා රෝහලට ඇතුළත් කළ බව රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා පැවැසුවේය.

වාට්ටුවේ වෛද්‍යවරුන්ගේ වැඩිදුර පරීක්ෂාව යටතේ ඒ මහතාට ප්‍රතිකාර ලබාදෙනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පෙරේදා (22) රාත්‍රී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදු වූ මුදල් අක්‍රමිකතාවක් පිළිබඳ චෝදනාව මත ඒ මහතා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා