මුද්‍රණය සඳහා

 
හමුදාවෙන් පලා ආ සෙබළකු ළඟ රසායනික අවියක්

හමුදාවෙන් පලා ආ සෙබළකු ළඟ රසායනික අවියක්

එල්ටීටීඊ සංවිධානයේ සටන් පැවැති වෙල්මුල්ලි වයික්කාල් ප්‍රදේශයෙන් ගෙන එන ලද රසායනික අවියක් යැයි සැක සිති හැකි පිස්තෝලයක් සමග පුද්ගලයකු සැකපිට හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

උනවටුණ සුදුවැල්ලේ 21 දින රාත්‍රී පැවැති සංගීත සාදයක දී සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනකු පරීක්ෂා කිරීමේ දී මේ අවිය හමුවී ඇත.

අවිය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇල්පිටිය කහදූවේ අවුරුදු උත්සවයක් අවසානයේ සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකපිට පොලිසිය සොයමින් සිටි පුද්ගලයකු බව ද හබරාදුව පොලිසිය කියයි.

සැකකරු හමුදා සේවයෙන් පලා ආ තැනැත්තකු විය හැකි බවට පොලිසිය සැකකරයි. ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් හමුදා සේවයේ නිරතව සිටිය දී වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ දී මේ පිස්තෝලය සොයාගත් බවයි. හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ටී.රම්‍යසිරි මහත්වරු ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]