මුද්‍රණය සඳහා

 
මෛත්‍රී - මහින්ද හමුවෙන්නේ නැහැ

මෛත්‍රී - මහින්ද හමුවෙන්නේ නැහැ

[2015-04-24 12:45]

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කර ඇතැයි හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

මීට සුළු මොහොතකට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් මෙම හමුව අවලංගු කිරීමට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කලේ දැනට පවතින දේශපාලන වාතාවරණය මෛත්‍රී - මහින්ද හමුවකට සුදුසු නොමැති බවයි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ සුළුතර ආණ්ඩුවක් තව දුරටත් පවත්වා ගත යුතු නැති හෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]