මුද්‍රණය සඳහා

 
රාළහාමිගේ රාජකාරියට බාධා කළ ජීප් රථ රියැදුරු අත්අඩංගුවට

රාළහාමිගේ රාජකාරියට බාධා කළ ජීප් රථ රියැදුරු අත්අඩංගුවට

දෙහිවල නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමට තැත්කර පලායාමට තැත්කළ ජීප් රථ රියැදුරෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

දෙහිවල පොලිසියේ පො. කො. නිශේන්ද්‍ර, මහතාගේ රාජකාරියට බාධා කර පලා යෑමට සූදානම් වී ඇත්තේ කළුබෝවිල පදිංචි අයකු බව පොලිසිය කියයි.

තහනම් ස්ථානයක රථය නතර කළ රියැදුරුගෙන් පොලිස් නිලධාරියා රියැදුරු බලපත්‍රය ඉල්ලීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇත. පසුව ජීප් රථය පණගන්වා පලා යාමට සූදානම් වන විට එතැනට පැමිණි ප්‍රාදේශීය මුද්‍රිත අංශයේ මාධ්‍යවේදියෙකුගේ හා සෙසු පිරිස ද සහාය ඇතිව ජීප් රථය නතර කර වහාම පොලිසියට දැනුම්දීමෙන් පසු රියැදුරු සහ ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]