අල් ඛයිඩා තර්ජන හේතුවෙන් ඉන්දීය අගමැතිගේ ආරක්ෂක අංශ සීරුවෙන්
[2015-05-05 16:30]

අල් ඛයිඩා ත්‍රස්ත ජාලයට සම්බන්ධ වීඩියෝ පටයක ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නම සඳහන් වීම එරට ආරක්ෂක අංශයන්හි දැඩි අවධානයට ලක්ව තිබේ.

විස්තර»


ප්‍රේමලාල් ජයසේකර යළි රිමාන්ඩ්
[2015-05-05 15:50]

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලූ සැකකරුවන් හත්දෙනෙකු මේ මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා අද නියෝග කළා.

විස්තර»


මහින්ද - මෛත්‍රී අතර හමුව හෙට
[2015-05-05 15:45]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුව හෙට සවස 2 . 30 ට ජනාධිපති ලේකම් කාර්ය්‍යාලයේදී පැවැතිවීමට . . .

විස්තර»


හෙට 06 දින විශ්වවිද්‍යාල ගනනාවක උද්ඝෝෂණ හා පා ගමන්
[2015-05-05 15:30]

අත්අඩංගුවේ පසුවන ශිෂ්‍ය ක‍්‍රියාකාරින් දෙදෙනා වහා නිදහස් කරන ලෙස බල කරමින් හෙට 06 දින විශ්වවිද්‍යාල ගනනාවක උද්ඝෝෂණ හා පා ගමන් සංවිධානය කර ඇත.

විස්තර»


ජොන්ස්ටන් අත්අඩංගුවට

[2015-05-05 15:30]

හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.  අද පෙරවරුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එලෙස අත්අංඩගුවට පත් වී ඇත.


නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් තහවුරු කරන ලද නිල තොරතුරු

[2015-05-05 15:00]


බැසිල් ලබන 7වෙනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට.
[2015-05-05 13:20]


තිස්ස ඉවත් කළ හැටි වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
[2015-05-05 10:55]


ජොන්ස්ටන් මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට
[2015-05-05 10:50]


මෛත්‍රී මහින්ද හමුව ස්ථිරයි


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

දූෂණ චෝදනා එල්ල වූ මැති ඇමැතීන්ගේ පරීක්ෂණ අවසන්

ඉදිරි සතියේ නීතිමය පියවර

පසුගිය රජය සමයේ දූෂණ, වංචා පිළිබඳ චෝදනා එල්ල වූ මැති ඇමැතිවරුන් රැසක් පිළිබඳ රහස් පොලිසිය සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ පරීක්ෂණ මේ වන විට අවසන් වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම වංචා, දූෂණ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගිය කාලය පුරා ඒ ඒ චෝදනාවන්ට ලක්වූ මැති ඇමැතිවරුන් හා ඊට අදාළ රජයේ නිලධාරින් කැඳවා දිගින් දිගටම ප්‍රශ්න කරන ලදී.‍

විස්තර»

20 සම්මත කර මැතිවරණයක්

මෙවර ඡන්දය පවතින ක්‍රමයට

පළාත් පාලනය කොමසාරිස් යටතට එජාපය අවධාරණය කරයි

විසි වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව මහ මැතිවරණයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. දැනට පවතින මැතිවරණ ක්‍රමයට මහ මැතිවරණය පවත්වන අතර ඉදිරි කාලයේදි එන මැතිවරණ විසි වැනි සංශෝධනයට අනුව නව මැතිවරණ ක්‍රමයට පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා කීය.

විස්තර»

මිනිසාගේ ආධ්‍යාත්මික පිරිහීමට විසැඳුම් දිය හැක්කේ බෞද්ධ දර්ශනය තුළින් පමණයි

- ජනපති

නව තාක්ෂණික ලෝකය සහ වාණිජ්‍ය සමාජය සමඟ සිදුවන මිනිසාගේ ආධ්‍යාත්මික පිරිහීමට විසඳුම් ලබාදිය හැක්කේ බෞද්ධ දර්ශනය තුළින් පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. එබැවින් බෞද්ධ දර්ශනය තුළ සමාජය හැඩගැස්වීම සඳහා අපේ රටේ පමණක් නොව ලෝක ප්‍රජාවට ද බෞද්ධ දර්ශනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමේ ජාතික සහ ජාත්‍යන්තර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ත්‍රෛනිකායික  මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා මත නව රජය සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

විස්තර»

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන 15 දා සිට

ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ ප්‍රතිශෝධන ආකෘති පත්‍ර බෙදා හැරීම මේ මස 15 වනදා සිට ආරම්භ කෙරෙයි. මේ ආකෘති පත්‍ර ග්‍රාම නිලධාරිවරුන් විසින් ගෙයින් ගෙට බෙදාහැරීමේ කටයුතු සිදුකිරීම ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි. මේ මස 15 වනදා සිට ආරම්භ කෙරෙන මේ කටයුතු ජුනි මස 15 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ද එම කාර්යාලය සඳහන් කරයි.

විස්තර»

අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම

විමර්ශන කණ්ඩායම් 4 මේ සතියේ පත්කෙරේ

අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු නියමිත කණ්ඩායම් 4 මේ සතිය තුළ පත්කිරීමට නියමිතය. කණ්ඩායම්වලට අදාළ තොරතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදී ඇති බව එම කොමිසමේ සභාපති මැක්ස්වල් පරණගම මහතා සඳහන් කළේය. ඒ අනුව අදාළ පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.

විස්තර»

දන්සල් හයදහස ඉක්මවයි

ශ්‍රීලනිපය කියනවානම් මුලින්ම ඇමැතිකම අත්හරින්නේ මම

ආචාර්ය නිර්මාල්ට පහරදුන්නේ මහින්දට සහාය දක්වන පිරිසක්

දින 100 වැඩපිළිවෙළ නිසා වෙසක් සැමරුම උත්කර්ශවත් වෙලා

කැසිනෝ කලාප වෙනුවට අපි වෙසක් කලාප ඇතිකළා

ඉදිරියේ දී රට බලශක්තියෙන් ස්වයංපෝෂිත කරනවා


 

මහියංගණ රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (04) පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේදී අරන්තලාව භික්ෂු සංහාරයේදී තුවාල ලබා දැනට ආබාධිත තත්ත්වයේ පසුවන ආඳාඋල්පත බුද්ධසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මූල්‍ය පරිත්‍යාගයක් කළ අයුරු. බුද්ධශාසන ඇමැති කරු ජයසූරිය, එජාප ජාතික සංවිධායක දයා ගමගේ යන මහත්වරු ද ෙමහි වෙති. ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය


 


 

ලේක්හවුස් අමාදහර ‘ශ්‍රද්ධා සක්මන 2015’ වෙසක් කලාපයේ වයි ෆයි ඩිජිටල් තොරණ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා නරඹන අයුරු. ෙල්ක්හවුස් සභාපති කාවන් රත්නායක සහ ෙල්ක්හවුස් නිෙයා්ජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් කරුණාරත්න මහත්වරුද ෙමහි ෙවති. ඡායාරූපය - මාලන් කරුණාරත්න

විස්තර»

වෙසක් ගැන පසු වදනක්

පය පැටලෙයි - පරිස්සමෙන් !

පාපන්දු මුල් පුටුවකට නාමයෝජනා දුන් හිටපු නිලධාරියකුට මූල්‍ය වංචා චෝදනාවක්

මහනාමගෙන් මාලිංගට දඬුවමක්

ඇල්පිටියේ මඟුල් ගෙදරක ගිය කැලණියේ තරුණයකු අරනුව ඇල්ලේ ගිලී අතුරුදන්

මාතලේ ලොකු ලූනු ගොවීන්ට සහන මිලට බීජ

කවි මඩුව

අමෙරිකාවෙ ජෝන් කෙරී ලංකාවට ආවා
මෙහි පාලනයට අත නොතබන බව කීවා
අපේ රටට සුබවාදි කල්පනාය ඒවා
ලක්මෑණිගෙ සැනසීමට යහපතක්ම වේවා

--------------- නිලමේ

දිනමිණ අතිරේක