|
||||
දින 100 වැඩපිළිවෙළ නිසා වෙසක් සැමරුම උත්කර්ශවත් වෙලාජනමාධ්ය ඇමැති ගයන්ත කරුණාතිලක
වත්මන් ආණ්ඩුව ගෙන ගිය දින 100 වැඩපිළිවෙළ නිසා වෙනදාට වඩා උත්කර්ශවත් ලෙස වෙසක් උත්සවය සැමරීමට බෞද්ධ ජනතාවට හැකිව ඇති බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. ආණ්ඩුව ගෙන ගිය ජනතාවාදී වැඩපිළිවෙළ නිසා උත්කර්ශවත් අන්දමින් වෙසක් උත්සවය සැමරීම හා ඒ සඳහා නව තාක්ෂණය භාවිත කිරීම වැඩිවශයෙන් දක්නට ලැබෙන බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. අමාදහර ශ්‍රද්ධා සක්මන 2015 දෙවැනි දිනටත් ඊයේ (4) විවෘත කරමින් එසේ කී ඇමැතිවරයා ඩිජිටල් කරණයෙන් යුතු ලේක්හවුස් වෙසක් තොරණ තාක්ෂණයේ පිළිබිඹුවක් බව ද කීවේය. ආණ්ඩුව තෙල් මිල, භාණ්ඩ මිල අඩු කිරීමත් වයි ෆයි තාක්ෂණය නොමිලේ ලබාදීමත් නිසා ජනතාව අද වෙනදාටත් වඩා උද්යෝගයෙන් වෙසක් උත්සවය සැමරීමට කටයුතු කරන බව කී කරුණාතිලක මහතා තව තවත් ජනතාවාදී සහන ලබාදෙමින් ජනතාව උසස් තැනකට ඔසවා තැබීමට කටයුතු කරන බව ද කීය. ලෙක්හවුස් ආයතනයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි, මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එම්රික් ප්‍රනාන්දු, නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |