මුද්‍රණය සඳහා

 
නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් තහවුරු කරන ලද නිල තොරතුරු

නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් තහවුරු කරන ලද නිල තොරතුරු

[2015-05-05 15:00]

නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් තහවුරු කරන ලද නිල තොරතුරු වලට අනුව ජීවිතක්ෂයට පත්ව ඇති මුළු සංඛ්‍යාව 7276කි.

නේපාල රජය විසින් නිකුත් කරන ලද නිල තොරතුරු වලට අනුව තුවාල ලැබූවන් සංඛ්‍යාව 14362කි. මෙම භූමිකම්පාවෙන් මුළුමනින්ම විනාශවී ඇති නිවාස සංඛ්‍යාව 200252ක් වන අතර අර්ධ හානි සිදුවූ නිවාස 186285 ක්වේ.

නේපාල භූමි කම්පාවෙන් ජීවිතක්ෂයට පත් විදේශිකයින් සංඛ්‍යාව 58 ක් වන අතර තුවාල ලැබූ විදේශිකයින් 52ක් බැව් සඳහන්වේ.

මේ වන විටත් රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන 112ක් පමණ නියෝජනය කරමින් එහි ‍සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කෙරේ.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]