මුද්‍රණය සඳහා

 
ප්‍රේමලාල් ජයසේකර යළි රිමාන්ඩ්

ප්‍රේමලාල් ජයසේකර යළි රිමාන්ඩ්

[2015-05-05 15:50]

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලූ සැකකරුවන් හත්දෙනෙකු මේ මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා අද නියෝග කළා.

ඒ ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රචාරක රැළියක සැරසිලි කරමින් සිටි පුද්ගලයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

ජනවාරි පස්වැනිදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයෙකු ඊට දින දෙකකට පසුව මියගියා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]