මුද්‍රණය සඳහා

 
අල් ඛයිඩා තර්ජන හේතුවෙන් ඉන්දීය අගමැතිගේ ආරක්ෂක අංශ සීරුවෙන්

අල් ඛයිඩා තර්ජන හේතුවෙන් ඉන්දීය අගමැතිගේ ආරක්ෂක අංශ සීරුවෙන්

[2015-05-05 16:30]

අල් ඛයිඩා ත්‍රස්ත ජාලයට සම්බන්ධ වීඩියෝ පටයක ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නම සඳහන් වීම එරට ආරක්ෂක අංශයන්හි දැඩි අවධානයට ලක්ව තිබේ.

ඉන්දීය අගමැතිවරයා එම සංවිධානයේ සතුරෙකු බවට නම් කරමින් අල් ඛයිඩා සංවිධානයේ ඉන්දීය නියෝජිතයින් නරේන්ද්‍ර මෝඩි පිළිබඳව සඳහන් කරමින් වීඩියෝ පටයක් නිකුත් කළේ ප්‍රථම වරට ය.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන 9 වන දා කොල්කටා නගරයේ සංචාරයක නිරත වීමට නියමිත අතර ඒ හේතුවෙන් නගරයේ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට පියවර ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]