මුද්‍රණය සඳහා

 
මෛත්‍රී මහින්ද හමුව ස්ථිරයි

මෛත්‍රී මහින්ද හමුව ස්ථිරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම එකඟතාවය පළකර ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

 ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර සාකච්ඡාව මීට පෙර පසුගිය 25 වැනිදා පැවැත්වීමට සූදානම් කර තිබුණද එය නොපැවැත්වුණි.

මේ අනුව පසුගියදා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ඩිලාන් පෙරේරා යන මහත්වරුන් මෙම හමුවේ වැදගත්කම පැහැදිලි කර දී ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා හමුවී එකඟතාවයකට පැමිණ පක්ෂය ශක්තිමත් කළයුතු බව කියා තිබිණි.

මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම හමුව සඳහා එකඟතාවය පළකර තිබිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]