ආචාර්ය නිර්මාල්ට පහරදුන්නේ මහින්දට සහාය දක්වන පිරිසක්

ආචාර්ය නිර්මාල්ට පහරදුන්නේ මහින්දට සහාය දක්වන පිරිසක්

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිවේදී සංගමය කියයි

කිරුලපනදි පවත්වන ලද මැයි රැලියකදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත්‍ දේවසිරි මහතාට පහරදීම ප්‍රජාතන්ත්‍රවාද ය සඳහා වන නිතිවේදි සංවිධානය දැඩිසේ හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර ඇත.මේ මැයි රැළිය පවත්වා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන කණ්ඩායමක් විසින් බව එම නිවේදනය මගින් ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

මේ ප්‍රහාරය ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදි ලබා දුන්නිශ්චිත ජනවරමට එරෙහිව සිදුකරන ලද ප්‍රහාරයක් බවද එහි සඳහනි. එම නිවේදනයේ මෙසේද දැක්වේ

'පසුගිය රජයේ පැසිස්ට්වාදි හා ජාතිවාදී දේශපාලනයට එරෙහිව ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ නීතියේ ආධිපත්‍ය හා මානවහිමිකම් සුරකින ප්‍රජාතන්ත්‍රවාදී රජයක් යටතේරට පාලනය වනු දැක්මේ අභිලාෂයෙනි. ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ස්ථාපිත කිරීමේ අරගලයේ ඉදිරිපෙරමුණේ ක්‍රියාත්මක වුනු විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගම් සම්මේලනයේ සභාපති ලෙස මේ වෙනස ඇතිකිරිමේ ලා ඔහු පෙරමුණ ගෙන ක්‍රියා කළේය. ‍පැසිස්ට්වාදී හා ජාතිවාදි කණ්ඩායමේ මෙම ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ සුදු වෑන් ක්‍රියාවලිය අතුරුදන්ව ඇතිනමුත් පසුගිය කාලයේ ජනතාව බියගැන්වීමට හා පීඩනයට පත්කිරිමට යොදාගත් සුදුවෑන් සංස්කෘතිය තවමත් අත්හැර දමා නැති බවය.

මේ නිහීන ප්‍රහාරය අපි හෙළා දකින අතර ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරිම සඳහා මේ කණ්ඩායම පාර්ලිමේන්තුවේදි ක්‍රියාකළ ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට තවමත් තර්ජන පවත්නා ආකාරය පිළිබිඹුවන බව සිවිල් සමාජයේ අවධානයට ලක්කරන්නෙමු.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරිමේ ක්‍රියාවලිය ඔවුන්ට හකුලා ගැන්මට සිදුවුයේ ඉකුත් 28 වැනිදා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මුලිකත්වයෙන් කොළඹදි පැවති උද්ඝෝෂණයන් නිසාය. මේනිසා ඉකුත් ජනවාරි 8 ලත් ජනතා ජයග්‍රහණය ආරක්ෂා කරගැන්ම සඳහා සිවිල් සමාජය අවදියෙන් සිටිය යුතුබව කියා සිටිමු"

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා