මුද්‍රණය සඳහා

 
මාතලේ ලොකු ලූනු ගොවීන්ට සහන මිලට බීජ

මාතලේ ලොකු ලූනු ගොවීන්ට සහන මිලට බීජ

රටට අවශ්‍ය ලොකු ලූනුවලින් 60%ක් පමණ සපයන මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් හට පහසු මිලකට බීජ ලබාගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට මාතලේ දිසාපති නීල් ද අල්විස් මහතා පියවර ගෙන ඇත.

විදේශයෙන් ආනයනය කරනු ලබන ලූනු බීජ අඩු මිලකට වෙළෙඳ පොළෙන් ඕනෑම ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකි වුව ද එම බීජවලින් නිසි ප්‍රමිතියෙන් යුතු ලූනු නිෂ්පාදනය කිරීම අපහසුවී ඇති නිසා දේශීය බීජ මිලදී ගැනීමට ගොවීන්ට සිදුවී ඇති අතර එම බීජවල හිඟයක් පවතින නිසා ඒවා කිලෝවක් සඳහා රු. 10,000ත් 15,000ත් අතර මිලක් ගෙවීමට ගොවීන්ට සිදුවී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]