මුරපොළ කුඩුගලදී ට්‍රක් රථයක් පෙරළෙයි

මුරපොළ කුඩුගලදී ට්‍රක් රථයක් පෙරළෙයි

කොළබිස්ස ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කළ විශාල ප්‍රමාණයේ ට්‍රක් රථයක් පසුගියදා රාත්‍රී 10ට පමණ මුරපොළ කුඩුගල ප්‍රදේශයේදී වැලිත් සමඟ පාරෙන් පහළට පෙරළී තිබූ අයුරුයි මේ.

රාත්‍රියේ ගමන් කරමින් තිබූ යතුරු පැදියකට ඉඩ ලබාදීමට ගිය අතර මුරපොළ ඇළේ පිටාර ගැලූ දිය පහර පාර හරහා ගලාගොස් ඇති අතර පාරේ අයිනේ පස් කන්ද එරී ලොරිය මාර්ගයෙන් පහතට පෙරළී ගොස් තිබේ. රථයේ ගමන් කළ අයට හානියක් නැත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා