මුද්‍රණය සඳහා

 
පිටරටට අපේකම බෙදන බොන්ස්ටන් ලංකා

පිටරටට අපේකම බෙදන බොන්ස්ටන් ලංකා

හදවතින්ම ශ්‍රී ලාංකිකයි යන තේමාව ඔස්සේ අමරිකාවේ නිව්යෝක් නුවරින් සයිබර් අවකාශයට මුදා හැරෙන මාධ්‍ය ජාලයක් ලෙස ‘බොන්ස්ටන් ලංකා’ මාධ්‍ය අපට මුණගැසෙන්නේ ලාංකේය කලාවේ රස මුසු තැන් කලාවට කියන මාධ්‍යයක් විදියටයි.

රූපවාහිනි, ගුවන්විදුලි හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ විදෙස් ලාංකිකයින් ට ලංකාවේ තොරතුරු හා කලා තොරතුරු රැගත් විවිධ වැඩසටහන් සිදුකරමින් මාධ්‍ය මෙහෙවරෙහි නියැලෙන බොන්ස්ටන් ලංකා නිර්මාතෘ චිත්‍රාල් ද මෙල් පසුගිය දවසක ඒ පිළිබඳ අප හා කතා කළා.

“ඇමරිකාවේ පදිංචියට ඇවිත් දැන් මම අවුරුදු 25ක් විතර වෙනවා. ඒ වනවිට මම වෘත්තියක් විදියට ලංකාවේ නීතිඥයකු විදිහට කටයුතු කළා. නමුත් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට යන කාලේ ඉඳලම කලාවට හා මාධ්‍යයට මගේ තිබුණු ඇල්ම නිසා මාධ්‍ය කලාව ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ඇමරිකාවට ආපසු මාධ්‍ය පිළිබඳ මම අධ්‍යයනය කළා. වැඩිදුර ඉගෙන ගත්තා. එහි ප්‍රතිඵලයක් විදිහටයි බොස්ටන් ලංකා රූපවාහිනිය ආරම්භ කළේ.

ඇත්තටම ඒක අත්හදා බැලීමක් කිව්වොත් හරි. නමුත් එය ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ඉතාම කැමැත්තෙන් භාරගත්තා. හොඳ ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. මේ ලැබුණු ඇගයීම් එක්ක මට හිතුණා වැඩිදුරටත් මේ හරහා විවිධ වැඩසටහනක් කරන්න.

බොන්ස්ටන් ලංකා රූපවාහිනිය වගේම ගුවන්විදුලියත් US ලංකා සඟරාවත් කරන්න ගත්තා. ඒ හරහා මම ආදරණීය නයගරා නමින් ලංකවේ කලාකරුවන් සම්බන්ධ කරගෙන ටෙලිනාට්‍යයක් කළා. එය ඉතාම සාර්ථක වුණා. අද වෙනකොට බොන්ස්ටන් ලංකා රටවල් ගණනාවක ඉන්න ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය මාධ්‍යයක් බවට පත්වෙලා තියෙනවා.

ලංකාවට අදාල මාධ්‍ය ආයතනයක් විදියට ඇමරිකාවේ ඉන්නේ අපි විතරයි. මෙතනදී මම එක දෙයක් කියන්න ඕන. කිසිම පක්ෂග්‍රාහි භාවයකින් තොරව අපි මධ්‍යස්ථව සිටිමින් වැඩසටහන් කරන්නේ. අපි ලැබූ ජනප්‍රියත්වයට එයත් හේතුවක් වෙන්න ඇති.

මෙරටට එන හැම කලාකරුවකුගෙම කලා කටයුත්තකදීම මාධ්‍ය ආවරණය ලබා දෙන්නේ අපි. ඒ වගේම ඇමරිකාවට එන ලාංකික දේශපාලනඥයින් ගේ ආවරණ කටයුතු කරන්නත් අපට හැකිවෙලා තියෙනවා.

මේ වෙනකොට අපි ප්‍රවෘත්ති මෙන්ම දේශපාලන වැඩසටහන් කලා වැඩසටහන කරනවා. ලංකාවේ කලාව ඇතුලේ සිදුවන දේ මෙහි සිටින ලාංකිකයින් තොරතුරු දන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා විවිධ වැඩසටහන් රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් සිදුකරනවා.

තවත් පැත්තකින් Colombo fashion නම් විලාසිතා පිළිබඳ අපි වැඩසටහන් කරනවා. ඒ වගේම තවත් ජනප්‍රිය වැඩසටහනක් අපි කරනවා. ‘සිත්මල්යාය’ නමින්. ඇත්තටම එතනදී වෙන්නේ ලංකාවේ ඉන්න වයෝවෘද්ධ අසරණ කලාකරුවන් පිළිබඳ නැවත වතාවක් මතක් කරන එක. ඒ අයට මෙහේ ඉන්න උදවියට යම් උදව්වක් හෝ කරන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්. ඒ කලාව හදන්නයි අපි ‘සිත්මල්යාය’ වැඩසටහන කරන්නේ. ඇත්තටම හරුන් ලන්ත්‍රාගේ අවසන් වැඩසටහන කළෙත් සිත්මල් යාය එක්ක.

මේ මොහොතේ මම තව දෙයක් කිවයුතුයි. අමරිකාව වගේ රටක ලාංකික‍යෙක් විදිහට මම මේ කරන කටයුත්ත තරමක් අභියෝගයක්. ඒත් ඒ අභියෝගය ජයගන්න මට පන්නරයක් වුණු තිස්ස ගුණවර්ධන සර්, ඒ වගේම මගේ බිරිය වියෝනිද මෙල් හා දියණිය මෙහි සිට නිෂ්පාදන කටයුතු සිදුකරන බොස්ටන් ලංකා නිෂ්පාදකයින් වගේම අධ්‍යක්ෂවරුන් මම සිහිපත් කරන්නේ ගෞරවයෙන්


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]