ART CHART

ART CHART

* ජාතික බෞද්ධ කෙටි සිනමා උළෙල සඳහා මේ දිනවල නිර්මාණ බාර ගැනේ. අංක 400 ශ්‍රී ජයවර්ධනපුර, පිටකෝට්ටේ, කෝට්ටේ ලිපිනයට තැපැල් මගින් හෝ ගෙනැවිත් බාර දිය හැකි නිර්මාණ පිළිබඳ 0714288961 මගින් විමසිය හැකිය.

* කොළඹ මියුසියස් විද්‍යාලයීය කලා උළෙල 7 දා සවස 3 සිට 7 දක්වා එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී

* සාහිත්‍ය කලා සහ ස්ත්‍රිත්වය මැයෙන් කුමාරි ගමගේ පවත්වන දේශනයක් 7 සවස 3.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේදී

* අර්ල් ඩී ‍ෆොන්සේකා චැම්බර් මියුසික් කොන්සර්ට් 8 වැනිදා රාත්‍රි 7.30ට BMICH

* කුමාරදාස සපුතන්ත්‍රි රචනා කළ ගීත අතුරින් තෝරාගත් ගීත රැසක් ගායනා කරන රන්මලක් ප්‍රසංගය 8 සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේදී.

* ඩේවිඩ් රොද්‍රිගු ගේ “ස්පන්දන’ - සෝල් සවුන්ඩ්ස්” ප්‍රසංගය 9 රාත්‍රි 7.30 BMICH

* ලිබරේෂන් චිත්‍රපටයක් ප්‍රදර්ශනය සමඟින් නොමිලයේම පවත්වන වෙනස්ම ආකාරයක ගිටාර් වාදන සංදර්ශනයක් 9 සවස 5ට කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී.

* ධවල භීෂණ 9 සිට 6.30ට කොළඹ ආනන්ද විද්‍යාලයිය කුලරත්න ශාලාවේදි

* කොටකලිසංකාරයා 9 සවස 3.30 සහ 6.30 බොරැල්ල පුංචි තියටර්හිදි

* මේරියන්ස් ඩ්‍රීම් ෆියෙස්ට්‍රා 8,9 සහ 10 ජා ඇල නගර සභා ක්‍රීඩාංගණයේදි.

* භරත සතර කලා සංසදය වෙනුවෙන් ප්‍රියන්ත ලලිත් මෙහෙයවන නාට්‍ය හා රංග කලා එක්දින වැඩමුළුවක් 10 පෙරවරු 8.30 සිට 3.30 දක්වා බොරැල්ල කොටා රෝඩ්හි රුහුණු කලා මාවතේ පිහිටි ජාතික තරුණ මධ්‍යස්ථානයේදී.

* සිරිවර්ධන පවුල 10 රාත්‍රි 7.30 ලයනල් වෙන්ඩ්ට්හිදි

* ‘ඩෙස්මන්ඩ් ද සිල්වා විත් මේරියන්ස්’ ප්‍රසංගය 10 වැනිදා රාත්‍රී 7ට BMICH හිදී.

* මකරාක්ෂයා 10 සවස 3.30 සහ 6.30 බොරැල්ල පුංචි තියටර්හිදි

* ගෝනිවලින් නිර්මාණය කළ වෙහෙරහේන විහාරයේ අනුරුවක් 10 දක්වා හෝකන්දර අමරගොඩදී ප්‍රදර්ශනය කෙරේ.

* සුනිල් එදිරිසිංහ, විශාරද දීපිකා ප්‍රියදර්ශනී සහ කසුන් කල්හාර ගී ගයන සත්සර දැහැන ප්‍රසංගය 10 සවස 6.30 මහරගම යොවුන් රඟහලේදී.

* දික්තල කාලගෝල 13 පෙරවරු 8.15 සහ 12.30 බොරැල්ල YMBA හිදි

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා