ජාතික කොඩිය විකෘති කිරීම ගැන සිවුදෙනකුගෙන් ප්‍රශ්න කරයි

ජාතික කොඩිය විකෘති කිරීම ගැන සිවුදෙනකුගෙන් ප්‍රශ්න කරයි

අල්ලස් කොමිසම ඉදිරිපිට දී පසුගියදා ජාතික ‍කොඩිය විකෘතිකර ප්‍රදර්ශනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ(6) මදුමාධව අරවින්ද, ප්‍රදීප් උඳුගොඩ හා ලලිත් එල්ලාවල යන අයගෙන් රහස් පොලිසිය ප්‍රශ්නකර කට උත්තර ලබාගෙන තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා(5) උදය ගම්මන්පිල මහතාගෙන් ද කට උත්තර ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ අය ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. මේ අනුව ඔවුහු මෙසේ පැමිණ කටඋත්තර ලබා දී තිබේ.

පසුගිය දා තවත් කණ්ඩායමක් සමඟ අල්ලස් කොමිසම ඉදිරිපිට දී ජාතික කොඩි ප්‍රදර්ශනයේ යෙදෙමින් මේ පිරිස විරෝධතාවක නිරත වූ අතර එහිදී මේ අය ප්‍රදර්ශනය කළ ජාතික කොඩි විකෘති ඒවා බවට හඳුනාගෙන ඇත. විකෘති ජාතික කොඩි ප්‍රදර්ශනය කිරීම පිළිබඳ විමර්ශනය කරන රහස් පොලිසිය තවත් පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට නියමිත අතර ඉදිරි දිනවල දී ඒ අයගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා