|
||||
කොටකෙතන මව-දුව ඝාතනයේ තීන්දුව අද
රත්නපුර කොටකෙතන මවක සහ ඇගේ දියණිය කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කළ නිවස තුළම පුළුස්සා දැමීම සම්බන්ධයෙන් වන නඩුවේ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (07) ප්‍රකාශයට පත් කරයි. නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත කුමාර හා ලොකුගම් හේවගේ රුචිර යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව තීන්දු අද ප්‍රකාශයට පත් කෙරේ. 2012 ජූනි මස 17 වැනිදා රත්නපුර කොටකෙතන දී ලියනාරච්චිගේ ප්‍රේමාවතී (63) ඇගේ දියණිය වන හේවාගමගේ පුෂ්පා කුමාරි (32) යන අය කපා ෙකාටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් තිෙදනාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා ඇත. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දු ප්‍රකාශයට පත් කිරීම අදට නියම කර තිබිණි. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු webmanager@lakehouse.lk |