මුද්‍රණය සඳහා

 
තරුණ යුවළක් මහනුවර වැවට පැන සියදිවි නසා ගන්න හදලා

තරුණ යුවළක් මහනුවර වැවට පැන සියදිවි නසා ගන්න හදලා

තරුණ යුවළක් දෙනෝදාහක් බලා සිටියදී ඊයේ (6) මහ දවල් මහනුවර වැවට පැන සියදිවි නසාගැනීමට ගත් උත්සහයක් අසළ සිටි පිරිසක් විසින් ව්‍යර්ථ කැර ඔවුන් දෙදෙනාව මහනුවර පොලීසියට බාරදී ඇත.

වැවට පනින ලද යුවළ එම අවස්ථාවේදීම ගොඩට ගෙන ඇති අතර ඔවුන් ගලගෙදර ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිස් පරීක්ෂන වලින් අනාවරණය වී තිබේ.

පවුල් ආරවුලක් සමථයකට පත් කැර ගැනීමට නොහැකිව දෙදෙනාම වැවට පැන තිබෙන අතර මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk