ජොන්ස්ටන් යළිත් 11දා තෙක් රිමාන්ඩ්

ජොන්ස්ටන් යළිත් 11දා තෙක් රිමාන්ඩ්

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඊෙය් ඉදිරිපත් කරන ලද හිටපු සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මැයි 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.

මහා පරිමාණ මුල්‍ය වංචා අපරාධ කොට්ඨාසය මගින් හිටපු ඇමැතිවරයාව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.‍

ලංකා සතොස ආයතනයෙන් රුපියල් පනස් දෙලක්ෂයකට අධික ආහාර ද්‍රව්‍ය  ලබාගෙන මුදල් නොගෙවා වංචා කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යට‍ෙත් මොහුට එ‍ෙරහිව චෝදනා නගා තිබුණි.

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණ සමයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලංකා සතොස ආයතන තුනකින් භාණ්ඩ ලබාගෙන රුපියල් පනස් දෙලක්ෂ හත්දහස් පන්සියයක මුදලක් වංචා කළේ යැයි පොදු දේපළ පනත යටතේ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා වෙත ඊයේ (06) ඉදිරිපත් කරන ලද හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ලංකා සතොස හිටපු සභාපති කේ. එම්. ප්‍රනාන්දු යන දෙදෙනා මෙසේ 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි.

කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවි විද්‍යාලංකාර මහතාගේ උපදෙස් පිට උප ‍ෙපාලිස් පරීක්ෂක උපුල් වීරසිංහ මහතා සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කොට පැමිණිල්ල මෙහෙයවීය. චුදිතයන් වෙනුවෙන් අධිනීතිඥ කීර්ති ජී. දුනුසිංහ, සුදත් විජේවික්‍රම, නිහාල් කිරින්දේ සහ මංජුල විජේවර්ධන යන නීතිඥවරු පෙනී සිටියහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා