සැකකාර සෙබළා  අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම ගැටලුවක්

අඟුණකොළපැලැස්සේ සිද්ධිය

සැකකාර සෙබළා  අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම ගැටලුවක්

අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ පැවැති රැස්වීමකට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන්නයට පැමිණි ආයුධ සන්නද්ධ හමුදා සෙබළාඅත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම ගැටලුවක් බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

එම ස්ථානයට යුද හමුදා සෙබලෙකු පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි පෙන්වාදෙන ඒ මහතා ඔහුව ඒ අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට තිබූ බවද මෙය සැකයට තුඩුදෙන කරුණක් බවද කියා සිටී.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය නායකයා ආසන්නයට ආයුධ සන්නද්ධ සැකකටයුතු පුද්ගලයකු පැමිණීම බරපතළ සිද්ධියක් බවත්ය.

මේ හමුදා සෙබලා අත්අඩංගුවට ගැනීම පළිගැනීමක් වශයෙන් අර්ථ නිරූපනය කිරීම පිළිගත නොහැකි බව පෙන්වාදුන් නියෝජ්‍ය ඇමැතිවරයා සැකකටයුතු සිදුවීමක දී ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය දෙයක් බවද මෙය පෞද්ගලික පළිගැනීමක් නොවන බවද කීවේය. මේ අතර ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා පොලීසිය සතුව දක්ෂ නිලධාරීන් සිටින බවත් ඔවුන් වෙත නිදහස සහ අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ නම් ඉතා හොඳින් සහ දක්ෂ අයුරින් තම රාජකාරිය සිදුකරනු ඇති බවත්ය..

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා