මුද්‍රණය සඳහා

 
වැලිකඩ ගැටුමේ අතුරු කමිටු වාර්තාව හෙට

වැලිකඩ ගැටුමේ අතුරු කමිටු වාර්තාව හෙට

[2015-05-07 15:25]

වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් වන අතුරු වාර්තාව හෙට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාට භාරදිමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර රැදවියන් සහ නිළධාරින් සියයකට වැඩි පිරිසකගෙන් සාක්‍ෂි සටහන් කරගෙන ඇති බවද සදහන්.

2012 වසරේ නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ කලහාකාරි සිදුවිමෙන් වින්දිතයන් බවට පත් වූ ඥාතින්ගේ ඉල්ලිම් සලකා බලමින් අදාල ත‍්‍රී පුද්ගල කමිටුව පත් කෙරුණේ පසුගිය ජනවාරි මස 23 වනදායිග

මෙම කමිටුවේ සභාපතිවරයා වශයෙන් විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා කටයුතු කරයි.

විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක සහ විශ‍්‍රාමලත් පරිපාලන නිළධාරි නීතිඥ එස්ගකේ ලියනගේ යන මහත්වරුන් කමිටුවේ සෙසු සමාජිතයින් වනවා.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]