මුද්‍රණය සඳහා

 
වෙලේ සුදා යළි ඇතුළට

වෙලේ සුදා යළි ඇතුළට

[2015-05-07 15:35]

සමන්ත කුමාර හෙවත් වෙළේ සුදාට එරෙහිව නීතිපතිවරයා විසින් පනවන ලද නඩුවේ සාක්ෂි කැඳවීම මේ මස 18 වැනිදා දක්වා කල් දැමුණා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මියගේ නියෝගයකට අනුවය.

පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත්කුඩු තොග වශයෙන් එවූ බව කියන වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මැද අදත් කොළඹ මහාධිකරණයට රැගෙන එනු ලැබීය.

අනතුරුව ඔහු යළිත් රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]