මුද්‍රණය සඳහා

 
වරාය නගරයට එරෙහිව තවත් පෙත්සමක්

වරාය නගරයට එරෙහිව තවත් පෙත්සමක්
[2015-05-07 16:20]

කිසිදු ශක්‍යතා අධ්‍යන වාර්තා ගැන සැලකිල්ලක් නොදක්වා කොළඹ වරාය නගරය ඉදිකිරීම සදහා අදාල ඉදිකිරීම් වෙනුවෙන් රජය සතු ඉඩම් දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තිය සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත

සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පුනාන්දු මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා අධිකාරීන් තිහිපයක් සහ චයිනා කොමියුනිකේෂන් කන්ස්ටුක්ෂන් සමාගම නම්කරනු ලැබ සිටිති.

වරාය නගරයේ අක්කර 20ක භූමි ප්‍රමාණයක් ඉදිකිරීම් කරන චීන සමාගමට දී ඇත්තේ කිසිදු විමසීමකින් තොරව බවත් වරාය නගරයට වෙන් කර ඇති ඉඩම් ගොඩකිරීමේ දි කොළඹ සහ මීගමුව දක්වා මුහුදු කලාපයේ ධීවර කටයුතුවල නිරත පවුල් 30000 ක ගේ ජීවනෝපායට බලපෑම් එල්ලවන බවත් කියා සිටිති


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]