නීතිවිරෝධී ගිනි කෙළි ගමක් හඩවයි

නීතිවිරෝධී ගිනි කෙළි ගමක් හඩවයි
[2015-05-07 16:40]

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ - මිඞ්නාපූර් ප්‍රදේශයේ නීතිවිරෝධී ගිනිකෙළි නිෂ්පාදිත කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අද අලූයම සිදුවූ එම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල සදහන්.

ඉන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවනවා.

මීට මාස දෙකකට පෙර ද බටහිර බෙංගාලයේ නීතිවිරෝධී ගිනිකෙළි නිෂ්පාදිත කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා