නීතිවිරෝධී ගිනි කෙළි ගමක් හඩවයි
නීතිවිරෝධී ගිනි කෙළි ගමක් හඩවයි
[2015-05-07 16:40]
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ - මිඞ්නාපූර් ප්‍රදේශයේ නීතිවිරෝධී ගිනිකෙළි නිෂ්පාදිත
කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අද අලූයම සිදුවූ එම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස්
වාර්තාවල සදහන්.
ඉන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවනවා.
මීට මාස දෙකකට පෙර ද බටහිර බෙංගාලයේ නීතිවිරෝධී ගිනිකෙළි නිෂ්පාදිත කම්හලක සිදුවූ
පිපිරීමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
|