තියුණු ආයුධවලින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු මරුට.

තියුණු ආයුධවලින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු මරුට

[2015-05-07 10:15]

නිට්ටඹුව සහ රත්තොට ප්‍රදේශ වල දී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි. පවුල් ආරවුලක් මත නිට්ටඹුව ගොඩගම ප්‍රදේශයේදී බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී 75 හැවිරිදි නැන්දනිය ඝාතනය කර තිබේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිකුත්කළ නිවේදනයේ සදහන්ව ඇත්තේ.

මේ අතර රත්තොට වේරගම ප්‍රදේශයේදී ද 78 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති අතර කවුරුන් විසින් මෙම ඝාතනය සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා