මුද්‍රණය සඳහා

 
ඉන්දන මිල වැඩි කිරීමට ඉල්ලිමක්.

ඉන්ධන මිල වැඩි කිරීමට ඉල්ලිමක්.

[2015-05-07 12:20]

ඉන්ධන මිල වැඩි කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සහ ලංකා අයි.ඕ.සී සමාගමෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පෙන්වා දෙන්නේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇතැම් නිෂ්පාදනවලින් පාඩු ලබන හෙයින් ඉල්ලීම් ඉදිරිපත් වුව ද ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ක්‍රියා නොකරන බව ය.

ඉන්ධන මිල ගණන් ඉහළ නොදමා විකල්ප ක්‍රමයක් මගින් ඛණිජ තෙල් සංස්ථාවේ සහ ලංකා අයි.ඕ.සී සමාගමේ පාඩුව අවම කිරීමට පියවර ගන්නා අතර තෙල් මිල ගණන් සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ද ලබන මාසයේදී හඳුන්වාදීමට නියමිතයි.

 

 

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]