හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රහස් පොලීසියට

හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රහස් පොලීසියට

[2015-05-07 12:45]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට ප්‍රශ්න කරමින් සිටියි.

අදාළ නිලධාරියාගෙන් ඊයේ යුද හමුදා විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශය සටහන් කරගත් බව වාර්තා විය.

ඒ අනූව අද යළිත් ඔහුගෙන් රහස් පොලීසිය ද ප්‍රශ්න කරමින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග තහවුරු කළේය.

මෙලෙස ප්‍රශ්න කිරීම්වලට මුල්ව ඇති සිද්ධිය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවූ හම්බන්තොට ශ්‍රීලනිප රැස්වීමට ගිනි අවියක් රැගෙන ගිය බව කියන හමුදා කෝප්‍රල්වරයාගේ සිද්ධිය සම්බන්ධයෙනි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා