හක්මණ ඉන්ධන පිරවුම්හලක මුදල් සේප්පුව පිටින් පැහැරගෙන ගිහින්

හක්මණ ඉන්ධන පිරවුම්හලක මුදල් සේප්පුව පිටින් පැහැරගෙන ගිහින්

හක්මණ වලස්මුල්ල පාරේ ඉන්ධන පිරවුම්හළේ තිබූ කිලෝ 800ක් බර යකඩ සේප්පුව මුදල් සමග සොරකම් කරගෙන ඇත.‍එම සේප්පුව තුළ මුදල් රුපියල් හත්ලක්ෂ හැත්තෑ තුන්දහසක් තිබී ඇත.

පසුගියදා රාත්‍රි කාලයේ සිඳුවී ඇති සොරකම මෙසේය.වෙසක් පොහොය දිනයක් නිසා බැංකු වසාඇති හෙයින් එදින ඉන්ධන පිරවුම් හළේ ගනුදෙනු කටයුතුවලින් ලැබූ මුදල් සෙප්පුවේ දමා සේවකයන් දෙදෙනා නිවෙස් බලාගොස් ඇත.

පසුදින උදයේ සේවකයකු පැමිණ කාර්යාලය ඇරීම සඳහා බලන විට එම කාර්යාලයට සවිකර තිබූ වීදුරු කඩා බිමට සවිකර තිබූ සෙප්පුව සොරකම් කරගෙන ගොස් ඇතිබව දැන අයිතිකරුට දන්වා ඇත.

මේ සෙප්පුවේ බර අනූව මෙය රැගෙන ගොස් තිබෙන අයුරු පිළිබඳව මවිතයක් පලවෙන අතර එම ස්ථානයේ අලවංගුවලින් යමක් තල්ලුකර තිබෙන අයුරින් සළකුණු වීම නිසා සෙප්පුව යම්කිසි වාහනයකට පටවා ඇති බවත් මෙයට කිහිපදෙනෙකුම සහභාගිවී ඇති බවත් පොලීසිය සැකකරයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා