බස්නාහිර අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත 5000කට අක්ෂි කාච

බස්නාහිර අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත 5000කට අක්ෂි කාච

බස්නාහිර පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වලින් තෝරා ගන්නා අක්ෂි ආබාධවලින් පෙලෙන්නන් 5000 ක් දෙනා වෙනුවෙන් නොමිලේ අක්ෂිකාච ලබාදීමේ වැඩ සටහනක් කි‍්‍රයාත්මක කරන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දීප්තී පෙරේරා මහත්මිය කියයි.

මේ අතර දැනට කි‍්‍රයාත්මක අක්ෂි ශල්‍යාගාරවලට අමතරව රදාවාන රෝහලේ ද අක්ෂි ගල්‍ය ඒකකයක් පිහිටුවීමට කටයුතු කෙරේ. මෙම වැඩ පිළිවෙළ සදහා බස්නාහිර පළාත් සභා අරමුදල් යෙදවීමට නියමිතය.

එමෙන්ම බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් කාර්ය මණ්ඩලය වෙනුවෙන් පුහුණු කිරීමේ වැඩ සටහන් පැවැත්වීම සදහා පුහුණුු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට නියමිතය. අක්කර විස්සක පමණ භූමි භාගයකින් යුත් මීරිගම ඹූලික රෝහල් භූමියේ මෙම පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමට අදහස් කෙරෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවර්ය සදහන් කළාය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා