පාකිස්තාන ‘ඒ’ පිල කඩුලු 5කට ලකුණු 244යි

පාකිස්තාන ‘ඒ’ පිල කඩුලු 5කට ලකුණු 244යි

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හා පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ පළමු නිල නොවන සිවුදින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය පළමු දිනය නිමාවනවිට කඩුලු 5ක් දැවී ලකුණු 244ක් රැස්කරගෙන සිටියේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් ඉනිම ඇරැඹු පාකිස්තාන පිලේ පළමු කඩුල්ල ලකුණු 22දී බිඳ දැමීමට විශ්ව ප්‍රනාන්දු සමත්විය. ලකුණු 6ක් ලබාසිටි උමාර් සිද්දික්ගේ පිත්තෙ වැදුණු පන්දුව කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා රැකගැනීමෙන් එම කඩුල්ල බිඳ වැටුණු.

අනතුරුව දෙවැනි කඩුල්ල කුරාම් මන්සූර් හා උමේර් අමීන් එක්ව ලකුණු 135ක සබඳතාවක් ගොඩනැගුහ. මුළු ලකුණු 157දී කුරාම් මන්සුර් දැවී ගියේ ‍තරිඳු කෞෂාල්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. ඒ වනවිට ඔහු ලකුණු 82ක් රැස්කරගෙන සිටියේය. ශතකයට එක් ලකුණක් තිබියදී උමාර් අමීන් අවාසනාවත්ත ලෙස දැවී යෑමට හසුවිය. පන්දු යැවීමේදී ධනංජය සිල්වා හා තරිඳු කෞෂාල් කඩුලු 2 බැගින් දවාගත් අතර විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ දැමීය.

පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිම-244/5 (ඕවර 80) උමාර් අමීන් 99, කුරාම් මන්සූර් 82 (ධනංජය සිල්වා 28/2, තරිඳු කෞෂාල් 46/2)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා