කසකස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් තරගයට

ආසියානු ෆයිව් නේෂන් රගර්

කසකස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් තරගයට

ආසියානු ෆයිව් නේෂන් 15 සාමාජික පළමු කොටසේ රගර් තරගාවලියේ කසකස්තානය සමග ඊයේ පැවැති තරගයෙන් ලකුණු 35-14ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පිලිපීනයේ පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් තරගය ලබන 9දා ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පැවැත්වේ.

පිලිපීනය අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ සිංගප්පූරුව ලකුණු 20-17කින් පරාජය කරමිනි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා